ඔබේ නව සුනඛයා ඔබව විශ්වාස කිරීමට, ආදරය කිරීමට සහ ඔබට ගරු කිරීමට ක්‍රම 14ක් | 14 WAYS TO GET YOUR NEW DOG TO TRUST, LOVE, AND RESPECT YOU
ඔයාලා අලුතෙන් සුරතලෙක් ගෙදරට ගෙනාපුවම එයාගේ විශ්වාසය, ආදරය සහ එයාගේ ගරුත්වය ඔයාලට ලබා ගන්න කරන්න ඕනි ක්‍රම කිහිපයක් ගැන පහත් සදහන් කර තිබේ තමගේ ස්වාමියාට වැඩියෙන්ම ආදරේ කරන සත්තු ශ්‍රේණි ගත කරොත් අංක එකටම ඉන්නේ බල්ලො. එයාලා එයාගේ පනටත් වැඩිය ස්වාමියාට ආදරේ කරනවා. ඒ වගේම අපි එයාලව රැක බලාගන්නවට පුදුම ගරුත්වයක් ලබා දෙනවා. එයාලා හිතන්නේ එයාලා ඉන්නේ තමන්ගේ ස්වාමියා සතුටු කරන්න සහ රැකබලා ගන්න කියලා. ඉතින් අලුතින් පැටියෙක් ගෙදරට ගෙනාපුවම එයා ඉන්නේ ෂොක් වෙලා. එයාගේ පරණ පරිසරයෙන් මිදිලා දැන් ඉන්නේ අලුත් තැනක. එයාගෙ අම්මා නෑ ඉතින් මේ වගේ දේවල් නිසා එයා අසරණ වෙලා වගෙ ඉන්නේ. මේ වගේ තත්වයක ඉන්න ඔයගේ අලුත් සුරතලාගේ ආදරය, විශ්වාසය සහ ගවුරවය ලබා ගන්න පහතින් සඳහන් කර ඇති කරුණු ටික කරලා බලන්න. ඔයාට ඉක්මනටම හොද වෙනසක් දක්න්න පුලුවන්. 1. ඔයාගේ හැසීරීම සහ ක්‍රියාකලාපය ටිකක් මන්දගාමී කරන්න අලුනෙක් ගෙනාපු සුරලතා ඉන්නේ ටිකක් කළබලයෙන්. ඉතින් ඔයාත් ඔයාගේ වැඩ කටයුතු කළබලෙන් සහ වේගවත්ව කරන්න ගත්තොත් එයා තවත් බයවෙනවා. ඔයාගෙ කිට්ටුවට එන්නෙ නැතුව එයා හැංගෙන්න බලනවා. ඉතින් ඔයාගේ එදිනෙදා කටයුතු එයාගෙ ...