පින්නවල අලි අනාථාගාරය - Elephant orphanage Pinnawala
කොළඹ - මහනුවර මහා මාර්ගයේ කෑගල්ල පසුකර කරඬුපන මංසන්ධියෙන් හැරී , රඹුක්කන පාරේ කිලෝ මීටර් 6 ක් පමණ පැමිණෙන විට පින්නවල අලි අනාථාගාරය හමුවේ. මේක අක්කර 25ක විතර පැතිරිලා තියෙන ඉදි කිරීමකි.
7°18'03.3"N 80°23'19.7"E
එය අලි ඇතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ දැක ගැනීමට ඇති හොඳම ස්ථානයකි. පින්නවල අලි අනාථාගාරය ජාත්‍යන්තර වශයෙනුත් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ස්ථානයක් බවට පත්ව ඇත.
පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර තිබෙන්නේ 1975 වර්ෂයේදී ය. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය
ආරම්භ වූ මුල් කාලයේදී, එය භාරව තිබුණේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය.
මාඔය සමීපයේ අක්කර 27ක පමණ භූමි ප්‍රමාණයක් පුරා මේ අලි අනාථාගාරය පැතිර
තිබේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය
ආරම්භ වූ මුල් කාලයේදී, එය භාරව තිබුණේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය.
මාඔය සමීපයේ අක්කර 27ක පමණ භූමි ප්‍රමාණයක් පුරා මේ අලි අනාථාගාරය පැතිර
තිබේ.මෙහි අලි ඇතුන්ට දිය නෑම සඳහා වෙන්කර ඇත්තේ උදෑසන 10.00 සිට 12.00 දක්වා සහ
පස්වරු 2.00 සිට 4.00 දක්වා කාලයයි. අලි ඇතුන්ගේ ශාරීරික උෂ්ණත්වය අවම
කිරීම සඳහා මේ ආකාරයට දවසට දෙවරක් දිය නෑමට අවස්ථාව ලබාදී තිබේ. රැලෙන්
ප්‍රතික්ෂේප වූ සහ රෝගී අලින් සඳහා මේ වේලාව වෙනස්වේ. ඔවුන් දිය නෑමට රැගෙන
යන්නේ පෙරවරු 8.30 සිට 9.45 දක්වා සහ දහවල් 12.00 සිට 1.45 දක්වා කාලයේදී
ය.
අම්මා අහිමිව සිටින අලි පැටවුන්ට , මේ ස්ථානයේදී දිනකට පස්වතාවක් කිරි බීමට
ලබා දේ. ඒ, පාන්දර .6.30, පෙ.ව. 9.15, දහවල් 1.15, පස්වරු 5.00ට සහ
රාත්‍රී 8.00ටයි. උදෑසන 6.30 සහ රාත්‍රී 8.00ට කිරි ලබාදෙන අයුරු මහ ජනතාවට
නැරැඹීමට නොහැකි වුව ද, අන් අවස්ථාවලදී කිරි පොවන අයුරු මහජන ප්‍රදර්ශනයට
විවෘත ය. නියමිත ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන, අලි පැටවුන්ට කිරි පෙවීමට
නරඹන්නන්ට මීට පෙර අවස්ථාව තිබුණ ද , අද එය අත්හිටුවා තිබේ.එයට හේතුව
සංචාරකයන් නිසා අලි පැටවුන්ට විෂබීජ යාහැකි නිසා ය.
අලි ඇතුන්ට දෛනිකව ආහාර වශයෙන් කිතුල් කොට, කිතුල් අතු, පොල් අතු, කොස්
අතු, කිතුල් බොඩ, බෝ අතු, නුග, ඇහැටු, වල් ඇඹරැල්ලා, දෙල් යනාදියෙන්
සමන්විත මිශ්‍ර අතු කිලෝග්‍රෑම් 20,000ක් පමණ මිලට ගනී. ඊට අමතරව ගිලන්ව
සිටින අලි සඳහා අන්නාසි, පැණි කොමඬු, කෙසෙල් ගෙඩි වැනි පලතුරු ද, බඩ ඉරිඟු,
කවුපි, කිරිඳි වැනි ධාන්‍යමය කැබැලි රැසකින් සමන්විත සාන්ද්‍රමය ධාන්‍ය
ආහාර ද ලබාදේ.
මුලින්ම පින්නවලට එක්වූ අලින්ට නම් තබා ඇත්තේ නීලා, කදිරා, මාතලී,
ජඳුරා, කොමලි, අනුෂා, කුමාරි හා විජය ලෙසිනි. මේ අතරින් කිහිප දෙනකුම තවමත්
එහි සිටී. කුමාරි හා විජයට දාව පින්නවලදී උපත ලද මුල්ම අලි පැටවා
‘සුකුමලී’ය. 1984 වර්ෂයේ ජුලි මස 05 වැනිදා මේ අලි උපත සිදුවිණි. ‘සුකුමලි’
ද දැන් මවකි. මේ වන විට පින්නවල අලි නිවහනේදී පැටවුන් 71ක් උපත ලබා තිබේ.
එහි අවසාන වතාවට පැටවකු ඉපදුණේ, පසුගිය අවුරුද්දේ ජුලි 09 වැනිදා ය.
1996 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමත් සමඟ, 1977
පෙබරවාරි 07 වැනි දින උපත ලැබූ අලි පැටවා නම් කළේ ‘අර්ජුන’ නමිනි. එහි 50
වැනි පැටවා ඉපදුණේ 2009 මැයි 24 වැනිදා ය. එම පැටවා ‘කණක’ ලෙසින් නම්
කෙරිණි. ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති යුද්ධය නිමා වී රට සාමකාමී වාතාවරණයකට
පත්වීම නිමිත්තෙන් 2009 සැප්තැම්බර් මස18 වැනි දින උපන් අලි පැටවා නම් කළේ
‘දිනුදා’ නමිනි.
සත්ව හුවමාරු වැඩසටහන් යටතේ පින්නවල උපන් අලි පැටවුන් විවිධ රටවලට
පරිත්‍යාග කර තිබේ. ඒ අතර, ජපානය, කොරියාව වැනි රටවල් ද වේ. අලි පැටවුන්ට
නම් තැබීමේදී විදේශීය නම් ද තබා ඇත. ‘ එල්විනා’, ‘ ට්‍රින්කි’ හා ‘අයුකි’
එවැනි නම් ය. පින්නවල අලි අනාථාගාරයේදී වැඩිම අලි පැටවුන් ප්‍රමාණයක් බිහිව
ඇත්තේ 2011 වර්ෂයේ දී ය. ඒ, පැටවුන් 14 දෙනෙකි. මේ වර්ෂයේදී පැටවුන් දහයක්
පමණ බිහි වීමට නියමිත බවඅලි අනාථාගාර නිලධාරීහු පවසති. තරුණ වයසේ
ඇතින්නියන් සිටියත්, පිරිමි අලි වයස්ගත වීම අලි පැටවුන්ගේ බිහිවීම අවම වීමට
බලපා තිබො.
අලි අනාථාගාරයේ සිටින මේ අලි රංචුවේ නායකත්වය දරන්නේ ‘මාතලී’ නමැති
ඇතින්නයි. එහෙත් ‘කොමලි’ දැන් එම නායකත්වයට අභියෝග කරන බවක් දක්නට ලැබේ.
මාතලී සමඟ පොඩි පොඩි ගැටුම් ඇතිකර ගැනීමටත් කොමලි පටන්ගෙන තිබීම මඟින් ඒ බව
පැහැදිලිවේ.
මේ දිනවල අලි අනාථාගාරයට පැමිණෙන සංචාරකයන්ගේ විශේෂ අවධානය දිනාගෙන
තිබෙන්නේ අනුරාධා, පණ්ඩුල, මිගාර, නිල්ගල හා වරුණ යන අලි පැටවුන් ය.
මිහින්තලාවේදී හා මිගලෑවේදී හමුවී රිටිගල අලි නිවහනේ සිට පින්නවලට ගෙන ආ
පණ්ඩුල හා මිගාරත්, උඩවලව ඇත්අතුරු සෙවණේ සිට ගෙන ආ නිල්ගල හා වරුණත්,
අනාථාගාරයේ වෙසෙන අලි සිඟිත්තන් ය. පින්නවලදී උපත ලැබූ අනුරාධාගේ මව
සිටියත්, අනෙක් අලි පැටවුන්ගේ මවු පියන් ඔවුන් ළඟ නොමැත. ඒත් ඒ තනිකම දැන්
ඔවුන්ට නොදැනෙන තරමට ඔවුන් එකිනෙකාට හිතවත්ව ඇත.
පින්නවල අලි අනාථාගාරයේ වෙසෙන අලින්ට නිදාගැනීමටත් වෙලාව වෙන්කර තිබේ.
කුඩා පැටවුන් රාත්‍රී අට - නවය වන විට නිදා ගැනීමට සැරසුනත්, ලොකු අලි
නිදාගන්නේ මැදියම් රාත්‍රියේදී ය. ඒත් ඒ එක නින්දක් පැය බාගයකට, පැයකට පමණ
සීමා වේ.
කඩින් කඩ නිදාගන්නා අලි, අවදියෙන් සිටින විට කොළ අතු කමින් කාලය ගත කරති.
රාත්‍රී ගාල් කරන ස්ථානයට කොළ අතු ගෙනවිත් දැමීමට තෝරාගත් අලි පිරිසක්
සිටී. එල්.ටී.ටී. ඊ කඳවුරක සිට සොයාගෙන පින්නවලට ගෙන ආ ‘මැණිකා’ ඇතින්නගේ
ප්‍රධාන රාජකාරිය එයයි. ‘නීලා’. ‘සුමන’ හා ‘කිරියා’ මෙන් ම ‘පිල්ලුමලේ ද’
මේ රාජකාරියට දායක වේ.
මා ඔයේ දිය නෑමෙන් පසු සවස 4.00ට අලි අනාථාගාරයට පැමිණෙන අලි ඇතුන්ට,
පසුදා පෙරවරු 8.00ට යළි ලිහා දමන තුරු ජලය බීමට අවස්ථාවක් මෙතෙක් තිබුණේ
නැත. අලින්ට රාත්‍රී කාලයේදී ද දිය බීම සඳහා ඔවුන් සමීපයේ ජල ටැංකි ඉදි
කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.
උපුටා ගැනීමකි.. (http://www.dinamina.lk)



Comments
Post a Comment